Monday, March 25, 2024

Ridivihara , Ridigama රිදීවිහාරය


Ridivihara is an ancient  royal temple situated in the Kurunegala district. 

රිදීවිහාරය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ලංකාවේ පැරණිතම රජමහා විහාර වලින් එකකි. 

👉 පිහිටීම සහ මාර්ග තොරතුරු 

Click below 

Location

Ridivihara became a 'royal temple' (රජමහා විහාරය ) during the Kandyan era. 

It has been uncovered that bhikkus had dwelt in the caves of Ridivihara around 2300 years ago. The resident bhikkus had got the caves renovated to suit their living. The bhikkus had engaged in  meditation and other religious activities in these caves. One bhikku among them was popularly known as Dhammarakkitha.  The cave in which Dhammarakkitha thero dwelt can be identified with the help of a Brahamin inscription. 

'දමරකිත තරස මනප දසනේ'

The meaning of this inscription is 'Dhammarakkitha thero's manapa dhassana cave'. 

The Brahamin Sinhala characters were used by the Bhikkus in the Anuradhapura era. According to historians these characters were introduced to Sri Lanka during the reign of King Dewanampiyatissa. King Dewanampiyatissa had lived about 250 years before the birth of Jesus . This fact highlights the importance of Ridivihara as a part of Sri Lankan heritage . 

වසර 2300 පෙර සිට රිදීවිහාරය අවට ගල්ලෙන් වල භික්ෂුන් වහන්සේලා වැඩ සිට් බව පැවසේ. එම ලෙන් තම වාසය සඳහා සුදුසු පරිදි සකස් කරවා ගත් බව පැවසේ.

එහි ඇති බ්‍රහ්මීය අක්ශර වලින් කියවෙන්නෙ (👉ඉහත දක්වා ඇත ) ධම්මරක්කිත තෙරුන්ගේ මනාප දස්සන ලෙන යන්නයි. බ්‍රහ්මීය අක්ශර ලන්කාවට හදුන්වා දෙන්නේ දේවානම්පියතිස්ස රජුසමයේ බව කියවේ. එනම් ක්‍රිස්තු වහන්සේ ඉපදීමට වසර 250 පමණ පෙර. මෙමගින් හෙලිවන්නේ රිදීවිහාරය ලාන්කීය උරුමයක් ලෙස කොපමණ වැදගත් ද යන්නයි.

Ridivihara first comes to light a short time after the arrival of Arahath Mahinda. It is believed that around 500 arahath bhikkus had dwelt in the caves of Ridivihara. The stone inscriptions found in the vicinity bear witness to this fact. 

රිදීවිහාරය වඩාත් ප්‍රසිද්ධියට පත්වන්නේ මිහිදු හිමිගේ ලන්කා ආගමනයෙන් ටික කලකට පසුව බව පැවසේ . 

👉 The number of caves found in the vicinity of රිදීවිහාරය කන්ද stand around 😮 twenty five

Ridivihara had been a renowned place of religious worship even during the Polonnaruwa era. It is believed that King Parakramabahu too had visited this hallowed place. Some of the tanks found in the surrounding area are believed to have been constructed by King Parakramabahu . King Nissankamalla also is believed to have visited this place. 

පොලොන්නරුව යුගයේ ද රිදීවිහාරය ප්‍රසිද්ධියට පත් පූජා භූම්‍ යක් ලෙස පැවති ඇත. පරාක්‍රමබාහු රජතුමා හා නිස්සන්කමල්ල රජු මෙහි පැමිණ ඇතිබව ඉතිහාසඥයන් පවසයි . 

The main Vihara  in the hallowed precincts of Ridivihara is known as 'Mahavihara' or ' Patha vihara'. It is situated in a cave. 

මෙහි ප්‍රදාන විහාරය මහා විහාරය හෙවත් පාත විහාරය නම්න් හදුන්වනු ලබයි. එය ගුහාවක් තුළ පිහිටා ඇත .

The wall paitings of the cave vihara are of immense value to anyone who is interested in learning Buddhist paintings. 

ගුහාවේ ඇති සිතුවම් බෞද්ධ කලා නිර්මාණ ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මහත් වටිනාකමකින් යුක්ත වෙයි. 

Among the many statues found in the cave vihara , the one that is enclosed in a glass cupboard  is considered to be the most precious. It has been made of pure gold. It is believed that the statue had found its way into the cave from sky. (The legend related to this incident is explained in detail in the SK Videos channel. Watch the video)

ගුහාවේ ඇති පිළිම අතරින් වඩාත් වටිනාම පිළිමය වීදුරු කබඩ් එකක් තුළ රඳවා ඇති පිළිමයයි. මෙය පිරිසිදු රත්තරනින් නිමවා ඇති බව පැවසේ. මෙම පිළිමය අහසින් වැඩිය බව ජනප්‍රවාදවල කියවෙයි.👉 (එය ඉතා රසවත් කතා පුවතකි) මෙම පිටුවෙහි ඇති වීඩියෝව නැරඹීමෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබට දැනගත හැක. 


   (The legendary statue)

මෙම විහාරය තුළ දහ අට රියන් දිග සැතපෙළ පිළිම වහන්සේ නමක්ද දක්නට ලැබෙයි. මෙම පිළිම වහන්සේගේ සිවුරෙහි රැලි දක්වා තිබෙන්නේ උඩරට කලා සම්ප්‍රදායට අනුවයි. 

The reclining Buddha statue
    Dutch Tiles 

සාමාන්‍යයෙන් බෞද්ධ විහාරයක දක්නට නොලැබෙන ක්‍රිස්තුස් වහන්සේගේ විවිධ ජීවිත අවස්ථා නිරූපණය කරන පින්තූර රාශියක් ප්‍රධාන පිළිම වහන්සේගේ මල්ලාසනේ මත අතුරා ඇත. 

The altar in front of the reclining Buddha statue is decorated with a number of wall tiles which bear pictures of Jesus. It is said that the tiles had been gifted to the Vihara by the dutch governor at that time as a gesture of friendship. Perhaps , the workers who laid the tiles may not have had a knowledge of  Christianity. 

මෙම පිඟන් ගඩොල් රිදීවිහාරයට ලැබුණේ ඕලන්ද ආණ්ඩුකාරයෙකුගෙන් බව පැවසෙනවා. ඇතැම් විට එකල වඩුවන්ට මෙම පිඟන් ගඩොල් කැටවල ඇති පින්තූර ගැන දැනුමක් නොතිබෙන්නට ඇති. 

බුද්ධ ශාසනය පිරිහී තිබුණ කාලයේ  සියම් රටින් උපසම්පදා භික්ෂූන්  වැඩම කරවීමට ඕලන්ද රාජ්‍යය නැව් සපයා දුන් බව සඳහන් වෙනවා. ඇතැම් විට ඕලන්ද ආණ්ඩුකාරවරයා රිදී විහාර භික්ෂූන් ගැන යම් පැහැදීමකින් සිටින්නට ඇති බව සිතිය හැක. 

මහා විහාරයේ සිට උඩ විහාරය දක්වා යන දොරටුවෙහි ඇත් දළ (Ivory carvings) කටයමින් කළ නිර්මාණ දැකිය හැක. ඒවායේ ආරක්ෂාව සඳහා වීදුරු ආවරණයක්  යොදා ඇත.  ඇත් දළින් කැටයම් කළ උළුවහු ලංකාවේ විහාරවල දක්නට ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. එබැවින් රිදී විහාරයේ මෙම උළුවස්ස විශේෂ ස්ථානයක් ගනියි. 

Ivory Carved wooden door post

ivory carved wooden door post

මහා විහාරයට උඩින් ඇති ඉහළ විහාරයේ ඉතා වටිනා පිළිම සහ බිතු සිතුවම් දක්නට ලැබේ.  මෙහි ඇති ඉදි පිළිමයේ පිටුපස අඹා ඇති මකර තොරණ ඉතාමත් අලංකාරවත් එකකි. කලා විචාරකයන්ට අනුව ලංකාවේ ඇති ප්‍රසිද්ධම මකර තොරණ මෙය වෙයි. 




    මකර තොරණ සහිත පිලිරුව


The existence of a cave monastery can be traced to the reign of King Dewanampiyatissa. 

👉 Watch Video below 😍🤔


වරකා  වැළදූ  විහාරය


(The Vihara in which the Bhikku Indragupththa partook of ripe jak fruit. )
This comparatively small vihara is built of rock. It bears the architecture of a Hindu Kovil. The stone pillars are decorated with beautiful carvings. Some of the carvings comprise of dancing women. This feature is usually not seen in a traditional  Buddhist Vihara. It is a feature seen in a Hindu Kovil. Hence, one can say that the construction of this Vihara could have been done during the times when the island was  under the influence of Hindu occupation. 
මෙම විහාරය හින්දු කෝවිලක ස්වරූපයක් ගනී. බොහෝ විට ලන්කාව හින්දු බලපෑම් වලට යටත්ව තිබුන යුගයක මෙම විහාරය ඉදිවන්නට ඇතිබව විස්වාස කරනවා .












රිදී විහාරය විහාරයක් හැටියට වැඩිදියුණුවට පත්වන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ සමයේය. (1747-1782 AD) වර්තමානයේ මෙම විහාරයෙහි වාසය කරන සංඝයා වහන්සේ රාජසිංහ රජදවස සිට පැවත එන භික්ෂු පරම්පරාවලින් පැවත එන්නන් බව පැවසේ. මෙම සංඝ පරම්පරාවේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ තිබ්බටුවාවේ සඟ පරපුරයි. රිදී විහාරයේ වර්තමාන නායකත්වය දරන්නේ මෙම සඟ පරපුරේ හත්වන පරම්පරාවයි. 
👉 
Visit Ridivihara 
The Vihara authorities have taken all the steps to provide facilities for the visitor.
Washrooms
Lodging 
Parking
Eating houses
Security 






No comments:

Ridivihara , Ridigama රිදීවිහාරය

Ridivihara is an ancient  royal temple situated in the Kurunegala district.